Sri Lanka PHEV and EV Charging Stations, Centers and Maintenance ServicesSri Lanka PHEV and EV Charging Stations, Centers and Maintenance Services

  • Home
  • About Us
  • Charging Stations
  • EV Green Destination Hotels
  • EV Servicing
    • Owner Manuals
    • Service Manuals
    • Leaf Service Schedule & Service Centers
  • Members
    • Member Registration
  • News & Events
    • News
    • Events
  • FAQ
  • Contact Us

විදුලි මෝටර් රථ පිළිබඳව යතුරුපැදිකරුවන්ගේ සංගමය ඉදිරිපත් කල වැරදි ප්‍රකාශය

by evadmin / Friday, 10 November 2017 / Published in News

විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ සදහා බදු සහන දීමට 2018 අයවැය යෝජනාවලිය මගින් රජය පියවර ගැනීම විවේචනය කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනතාව නොමග යන සුළු නිවේදනයක් නිකුත් (2017/11/10) කර තිබේ. මෙහිදී ඔවුන් මතු කර තිබෙන කාරණා පිළිබඳව වඩා නිවැරදි පැහැදිලි කිරීමක් අප ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු.

රාත්‍රී කාලයේ විදුලි වාහන ආරෝපණය රටට ඉතිරියකි
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම පෙ.ව.5.30 සිට ප.ව.6.30 දක්වා සාමාන්‍ය අගයක පවතින අතර ප.ව.6.30 සිට ප.ව.10.30 දක්වා එය අධික වී ප.ව.10.30 සිට පෙ.ව.5.30 දක්වා ඉතා අවම වේ. නමුත් මෙම ඉල්ලුමට අනුරූපව සැපයුම වෙනස් නොවනවා මෙන්ම රාතී‍්‍ර කාලයේ විදුලි නිපදවීමට ඉන්ධන භාවිතා නොකරන අතර වැය වන්නේ ඉතා අඩු පිරිවැයකි.
ශ්‍රී ලංකා විදුලි වාහන සංගමය ලෙස මෙම කාරණා සම්බන්ධව අප මුල සිටම රජයේ අවධානය යොමු කල අතර විදුලි ඉල්ලුම ඉතා අවම ප.ව.10.30 සිට පෙ.ව. 5.30 දක්වා කාලය තුල විදුලි වාහන ආරෝපණය දිරිමත් කිරීමේ විශේෂ විදුලි අය ක්‍රම මේ වන විට හඳුන්වා දී ඇති අතර එමගින් විදුලි වාහන ආරෝපණය ජාතික විදුලි බල පද්ධතියට අමතර බරක් නොවී එමගින් විදුලි ඉල්ලුම් වෙනස පාලනයට පහසුවක් වනු ඇත.

ඉන්ධන නෞකා එන තුරු බලා නොසිට බල ශක්ති සුරක්ෂිතතාව ඉහල නංවමු
විදුලි වාහන හිමියන් බොහෝ විට තම බලශක්ති අවශ්‍යතාව සඳහා සූර්ය බල පද්ධති ස්ථාපනය කරන අතර එමගින් ඔවුන්ගේ සමස්ථ පරිභෝජනය ලබාගෙන විදුලි බල පද්ධතියටද අමතර සැපයුමක් ලබා දෙති. විදුලි වාහන ප්‍රවර්නධය මගින් ජාතික බලශක්ති ගැටලුවට මෙන්ම ජාතික හා ගෘහස්ත බලශක්ති සුරක්ෂිතාව ඉහල දැමිය හැකි බවට හොඳම උදාහරණය පසුගියදා සිදු වූ ඉන්ධන හිඟයයි. ජාතික විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන් බිඳ වැටුනද විදුලි වාහනය ගෘහස්ත සූර්ය බල පද්ධතිය මගින් ආරෝපණය කර ගත හැකි වීම තුලින් ඉන්ධන නෞකා එන තුරු මුහුදට දත නියවමින් නොසිට සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරාගත හැකි වනු ඇත. ජාතික විදුලි බල පද්ධතියෙන් ස්වාදීන වූ සූර්ය බලශ්ක්තියෙන් ක්‍රියාත්මක වන වාහන ආරෝපණ මධ්‍යස්ථාන සම්බන්ධව යෝජනා මෙවර අය වැය යෝජනාවලියේද ඇතුලත්ව ඇත.

පරිසර හිතකාමී බව හා විදුලි වාහන බැටරි
සාමාන්‍ය වාහන මගින් ධාවනයේදී දුම් පිටවීමට අමතරව නඩත්තු කිරීමේදීද විශාල ලෙස තෙල් හා උපාංග පරිසරයට මුදා හරිනු ලබන අතර විදුලි වාහන වල එම පරිසර හානිය නැත. විදුලි වාහන බැටරියක් අවු 5-8ක් අතර කාලයක් වාහනයක භාවිතා වන අතර ඉන් පසු එය ගෘහස්ත සූර්ය බල පද්ධති සඳහා තවත් අවු 8ක් පමණ භාවිත කල හැක. එම භාවිතයෙන් පසු බැටරි ප්‍රතිචක්‍රීයකරණය සඳහා නැවත අපනයනය කිරීමේ ක්‍රමවේද ඇති අතර. රටක් ලෙස අප කල යුත්තේ එම ක්‍රමවේද හඳුන්වාදී ලෝකයත් සමග ඉදිරියට යාම මිස තාක්ෂණයට බිය වීම නොවේ.

අවසාන වශයෙන් කීමට ඇත්තේ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහෝදරයින් පරිසරය කෙරෙහි සැබෑ ඇල්මක් දක්වයි නම් කල යුත්තේ ශබ්ද දූෂණය, වායු දූෂණය නොකරන ආනයනික ඉන්ධන මත නොපැයෙන පරිසර හිතකාමී ගමනක් වෙනුවෙන් විදුලි යතුරු පැදි හා සූර්ය බලශක්තිය පිලිබඳ අවධානයක් යොමු කරන ලෙසය. ඒ සඳහා අප සහායද ඔබට ලැබෙනු ඇත.

මහිසංක අබේවික්‍රම
කමිටු සාමාජික
ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය

  • Tweet
  • Pin It

What you can read next

CEB charging points for electric vehicles in Kandy
ලංකාවේ ලීෆ් බැටරි වලට මොකද වෙන්නේ
SRI LANKA’S SINGLE PHASE DOMESTIC CUSTOMERS TO GET AN OPTIONAL TARIFF
  • GET SOCIAL

© 2019. All Rights Reserved. Solution by Designsolv.

TOP